මරණීය දණ්ඩනය අහෝසි කිරීම අපරාධකාරයන්ගේ විශිෂ්ට ජයක්! ඒකට පනතක් ගෙනාවොත් ඒ දවස ජාතික ශෝක දිනයක් කරනවා! – ජනපති

July 14, 2019 at 10:43 pm | by emanisa.lk

කුඩු ජාවාරම්කාරයන්ට මරණ දඬුවම දීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආවහොත් එතැන් පටන් මේ රට කුඩුකාරයින්ගේ රාජ්‍යයක් බවට පත්වනු ඇති බවත් එහෙයින් ඒ දිනය මේ රටේ ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තමා කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මේ රටේ ජනතාව කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීමට කැමති බවත් ඇමති සජිත් ප්‍රේමදාස ද එය අනුමත කළ බවත් ජනාධිපතිවරයා පවසයි. මරණ දඬුවම ලබා දීමට ගත් තීන්දුව ආපස්සට නොගන්නා ලෙස ඕමල්පේ සෝභිත හිමියන් ද තමන්ගෙන් ඉල්ලා සිටි බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස