මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට මරණ දඬුවම දෙනවාමයි! මිනිස්සු හදන්න දඬුවම් දෙන්න ඕන කියලා බුදු හාමුදුරුවොත් කිව්වා! – ජනපති

April 2, 2019 at 5:05 pm | by admin

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන්ගේ ලැයිස්තු තමා වෙත ලැබී ඇති බවත් ඔවූවන්ට ස්ථිර වශයෙන් මරණ දඬුවම ලබා දෙන බවත් ජනාධපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් කැලණිය ගෝනවෙල ප්‍රදේශයේ දී විනාශ කරන අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව හෙතෙම මෙම අදහස් දැක්වීය.

“මත්ද්‍රව්‍ය ගෙන එන බෙදා හරින සහ පාවිච්චි කරන සියලු දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා සිංහල අවුරුද්දෙන් පස්සේ යුද නාවික ගුවන් පොලිස් සිවිල් ආරක්ෂක වෙරළාරක්ෂක, සුරාබදු, රේගු ආදී සියලු අංශ එකතු කරගෙන අලුත් වැඩපිිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අලුත් පුනරුත්ථාපන කඳවුරු විවෘත කරනවා. වසර දෙකකින් මත්ද්‍රව්‍ය තුරන් කරන්න පුළුවන් කියලා විශේෂඥයෝ තීරණය කරලා තියෙනවා. ඒ සඳහා දඬුවම් දීම ඉතා අත්‍යවශ්‍යයි.

මේ රටේ නීතිගත වී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම අපරාධ ජාවාරම් වැඩි වීමට හේතු වී තිබෙනවා. ඒ නිසා ඉදිරි දිනවල මරණ දඬුවම ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ නාම ලේඛන පිළියෙළ කර අවසානයි. එහෙම නැතිව අපේ රට හදන්න පුළුවන්කමක් නෑ. බුදු හාමුදුරුවෝත් කියලා තියෙනවා මිනිස්සු හදන්න දණ්ඩනය අවශ්‍යයි කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස