මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාල වැඩබිමෙන් පුපුරන ද්‍රව්‍ය තොගයක්!

April 26, 2019 at 3:39 pm | by admin

මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබී පිපිරීම් සඳහා යොදා ගන්නා කූරු 200ක් සහ වයර් තොගයක් සොයා ගෙන තිබේ.

ඊයේ යුධ හමුදාව විසින් එම පරිශ්‍රයේ සිදු කරන ලද සෝදිසි කිරීමේදී එම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේදී විශ්වවිද්‍යාලයේ සිටි පුද්ගලයන් පවසා ඇත්තේ එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා එම ද්‍රව්‍ය යොදා ගන්නා බවයි.

කෙසේ වෙතත් එම පුපුරණ ද්‍රව්‍ය තොගය හමුදා භාරයට ගෙන තිබේ. පුපුරන ද්‍රව්‍ය යොදාගෙන කරන ඉදිකිරීම් මොනවා දැයි අනාවරණය කෙරී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස