මගේ ඇඟේ දුවන්නේ සිංහල ලේ! මගේ ආගමට ත්‍රස්තවාදීන් අයිති නෑ! උන්ගේ මළ කුණක්වත් අපි භාරගත්තේ නෑ! – කබිර් හෂීම් (video)

May 27, 2019 at 1:08 pm | by admin

බොහෝ රටවලට තවමත් ගෝලීය ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වූ පසුබිමක මෙරට ආරක්ෂක අංශවලට එය සති දෙකක පමණ කාලයක් තුළ නිසි ලෙස කළමනාකරණය කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ගලිගමුව ප්‍රදේශයේ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය ලංකාවට ආවේණික ප්‍රශ්නයක් පමණක් නොවන බව පැවසු අමාත්‍යවරයා, ගෝලීය ත්‍රස්තවාදය යම් හේතුවක් මත අපේ රට තෝරා ගෙන ඇතැයි ද පැවසීය. තමා මුස්ලිම් ජාතිකයෙක් බවත්, ඉස්ලාම් ආගම පිළිපදින බවත් පැවසු අමාත්‍යවරයා, නමුත් තමා ශ්‍රී ලාංකීකයෙක් බව ද පැවසීය.

මගේ ඇඟේ තියෙන්නේ සිංහල ලේ බව ද පැවසු අමාත්‍යවරයා, ත්‍රස්තවාදීන් තමා පිළිපදින ආගමට හෝ ඉස්ලාම් ආගමට අයිති අය නොවන බව ද කියා සිටියේය. එනිසා ත්‍රස්තවාදීන්ගේ මළ මිනියවත් ඉස්ලාම් දහම අනුව වල දැමුවේ නැති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉස්ලාම් අන්තවාදීන් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීම පිළිබඳ ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දුන්නේ යැයි තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් වෙඩි තැබුවේ ඇමති කබීර් හෂීම්ගේ ලේකම්වරයෙකුටය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස