මංගලගේ ජූලි හත විප්ලවේ පාළුගෙයි වළං බිඳිල්ලක් වෙයි!

July 7, 2019 at 8:52 pm | by emanisa.lk

ඇමති මංගල සමරවීරගේ තිස් වසරක දේශපාලන ජීවිතය අළලා සම්පාදිත කෘතිය එළිදකින අද දින (07) ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙ මාතර දී විප්ලවීය දේශපාලන ගමනක සමාරම්භය සනිටුහන් කරනු ඇති බවට අදහස් පළවිය.

ඒ අවස්ථාව සඳහා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පැමිණිය ද අපේක්ෂිත තරම් ජන සහභාගීත්වයක් දක්නට නොලැබිණි.
රුහුණු විශ්වවිද්‍යාලීය තාගෝර් සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිරි ආසන පේළි කිහිපයක් හැරුණු විට ශාලාවේ පැවතියේ හිස් පුටු ගොඩකි.

ඇමති සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බොහෝ එජාප මැති ඇමතිවරු පවා එම සභාවේ දක්නට නොලැබිණි. මංගල සමරවීර මාතර දිස්ත්‍රික්කය ද ඇමති සජිත් ප්‍රේමදාස යාබද හම්බන්තොට දිස්ත්‍රික්ක ද නියෝජනය කරන පසුබිමක මෙම ශාලාව පිරෙන්නට පිරිසක් සහභාගී නොවීම විශේෂත්වයකි.

මංගල සමරවීරගේ වෙබ් පිටුව ඔස්සේ මෙම උළෙල සඳහා සජීවි විකාශයක් ලබා දුන් අතර ඒ ඔස්සේ ලොව පුරා සිට පේක්ෂකයින් 41 දෙනෙකු එය නරඹනු දැකිය හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස