බැසිල් රාජපක්ෂ එක මොළයක් නෙමෙයි, මොළ හතක් ඇති නායකයෙක්….! – පොහොට්ටු මන්ත්‍රී…..

July 3, 2021 at 3:10 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14020ට ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 237ට ම සමබර සංවර්ධනයක් ගෙන ගිය නායකයා බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ වහා ම බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සිය මන්ත්‍රී පිරිස ලිපියක් අත්සන් කර ඉල්ලා සිටිය ද ඔහු එය ප්‍රතික්ෂේප කළ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බැසිල් රාජපක්ෂ බුද්ධිමත් මෙන් ම මනා කළමනාකරණ හැකියාවක් සහිත නායකයෙකු බවත් ඔහුට එක මොළයක් නොව මොළ හතක් ඇති බව තම විශ්වාසය බවත් අමරකීර්ති අතුකෝරළ අවධාරණය කළේ ය.

දුරදක්නා නුවණින් තීන්දු තීරණ ගන්නා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආගමනය සඳහා තීන්දුව ගත්තේ ද එම නුවණින් බලා බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස