අදත් ආණ්ඩුව කරවන්නේ බැසිල්….! එතුමාට තව බලගතු ඇමැති ධූරයක් අවශ්‍යයයි…! – ශෂීන්ද්‍ර…..

June 29, 2021 at 8:10 pm | by emanisa.lk

තිරය පිටුපස සිට දැවැන්ත කාර්යභාරයක් කරමින් වර්තමාන ආණ්ඩුව කොහොමත් පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

සියලු ම අමාත්‍යංශ සඳහා වැඩපිළිවෙළක් සකසා ඒ සියල්ල අධීක්ෂණය කරන්නේ බැසිල් රාජපක්ෂ බවත් ඔහු අනාවරණය කරයි.

එම කටයුතු එළියේ සිට කිරීමට වඩා ඇතුළේ සිට කිරීම පහසු බව ද ශෂීන්ද්‍ර රාජපක්ෂ පෙන්වා දෙයි.

එහෙයින් සියලු අමාත්‍යංශ සඳහා මැදිහත් විය හැකි බලයක් සහිත අමාත්‍යංශයක් බැසිල් රාජපක්ෂට ලැබුණොත් විශාල කාර්යභාරයක් කළ හැකි බව තමා විශ්වාස කරන බව ද හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද බැසිල් රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවට අත්සන් කළ 113කට අධික මන්ත්‍රීවරුන් අතර තමා නොමැති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *