2025 ජනාධිපතිවරණෙට ගෝඨාභය නෑ…! පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා බැසිල්…! – ජවිපෙ..

March 10, 2021 at 11:06 pm | by emanisa.lk

2025 ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විමල් වීරවංශ ඇතුළු සන්ධාන සෙසු පක්ෂ නායකයන්ට දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

එම ජනාධිපතිවරණය සඳහා මුස්ලිම් දෙමළ පක්ෂවල සහාය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇතැයි ද මන්ත්‍රීවරයා හෙළි කරයි.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ බව ද ජවිපෙ නායකයා අවධාරණය කරයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමිනි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *