19 වගේම ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව හැදුවෙත් විජේදාස…! මුදලට එහාට මෙහාට පනින විජේදාසට නාම යෝජනා දෙන්න බැසිල් විරුද්ධ වුණා…! – මහින්ද පතිරණ

April 17, 2021 at 11:36 am | by emanisa.lk

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ තැබූ ෆේස්බුක් සටහනකි.

මං අහල තියෙන විදියට විජේදාස මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දීමට බැසිල් රාජපක්ෂ මහතා තදබල විරෝධයක් දැක්වූවා. ඔහු විතරයි විරුද්ධ වුනේ කියලයි මං අහල තියෙන්නෙ. එසේ එරෙහි වීමට හේතු කීපයක් බලපා ඇත.

අංක එක වන්නේ යහපාලන ආණ්ඩු සමයේ ගෙනා 19 වැනි සංශෝධනය හා ඔරුමිත්ත නාඩු ව්‍යවස්ථාව ඇතුළු රටට එරෙහි සියලු අණපනත් අධිකරණ ඇමතිවරයා ලෙස විජේදාස අතින් නිර්මාණය වීමයි. එම ව්‍යවස්ථාවට එරෙහි සංවාදයේ දී වරක් විජේදාස ඇසුවේ “මේ රට සිංහල බෞද්ධ කියල ලියල තියෙන්නෙ කොහේද” කියාය. ඒ තරමට ඔහු “යහපාලන” ආගම වැළඳගෙන තිබුණි. ඔහුගේ ඒ සියළු ක්‍රියා හරහා රටට ගෙනා විනාශය මත ඊට ඍජුව දායක වූ අයෙකුට තම පක්ෂයෙන් නාමයෝජනා ලබාදීම තරම් නොවන බව බැසිල් මහතා කල්පනා කර ඇත.

මීළඟ හේතුව වන්නේ නිරන්තරව මුදලට එහාට මෙහාට පනින මන්ත්‍රීවරුනට නව පක්ෂයේ ප්‍රතිපත්තියක් ලෙස ම නාමයෝජනා නොදීමේ ස්ථාවරයක බැසිල් මහතා සිටීමයි. මෙය ජනතාවගේ අභිලාෂයක් බව ද කියන්න පුළුවන්. මෙවැනි මන්ත්‍රීවරු මැතිවරණයක් සමීප වන විට තම මන්ත්‍රී අසුන වෙන්දේසියේ දමා විශාල මුදල් ඉපයීමේ කාර්යකට යනවා. එය ඡන්දයේ දී ජනතා මතය විකෘති කිරීමට පවා බලපානවා.

අනෙත් හේතුව නම්, මෙවැනි අවසන් මොහොතේ පනින මන්ත්‍රීවරුන් නිසා පක්ෂයට මුල සිට දරදිය ඇදි පිරිස්වලට විශාල අසාධාරණයක් වෙන බව බැසිල් රාජපක්ෂ මහතා විස්වාස කිරීමයි.

ක්‍රීඩකයින්ට සහ වෙනත් ක්‍රම ඔස්සේ ජනප්‍රියත්වයට පත් පිරිස්වලට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා නොදුන්නේ ද මේ හේතුව නිසයි. මොවුන්ට අදාළ දිස්ත්‍රික්කවල පළවෙනි දෙවැනි වෙන්න පුළුවන්. ඒත් ඒ හරහා සැබෑ පාක්ෂිකයා පරාජය වෙනවා. සබන් බෝල සේ මතුවන අය ජය ගත්තද ඔවුන් රට වෙනුවෙන් හෝ පක්ෂය වෙනුවෙන් ද සේවයක් කිරීමට බැඳී සිටින්නේ නැහැ. දිගුකාලීනව ජනතාවට කරන විශාල අසාධාරණයක් එය.

මේ සියළු හේතුව මත විජේදාසට ද නාමයෝජනා නොදෙන තැනටම පසුගිය මහ මැතිවරණයේ දී පක්ෂය තීන්දු කර තිබුණත් අවසන් මොහොතේ ද එම තීන්දුව වෙනස් කිරීමට නාමයෝජනා මණ්ඩලයට සිදුව තිබෙන්නේ නාමයෝජනා මණ්ඩලයේ බහුතර කැමැත්ත මත බව සඳහන්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස