බැඳුම්කර වංචාවේ අර්ජුන් ඇලෝසියස්ගේ පියාත් අත්අඩංගුවට!

March 25, 2019 at 12:35 pm | by admin

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි අලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහු මීට පෙර ඇප පිට නිදහස් කළ අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ මස්සිනා වෙයි.

මේ අතර අද උදෑසන ද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය. ඒ පත්තිනිගේ සමරසිංහ (මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ) පුෂ්ප ගුණවර්ධන (PTL අධ්‍යක්ෂ) චිත්‍රා රංජන් හුළුගල්ල (PTL අධ්‍යක්ෂ) මුතුරාජ සුරේන්ද්‍රන් (PTL අධ්‍යක්ෂ) යන අයයි.

අද අත්අඩංගුවට ගත් ජෙෆ්රි අලෝසියස්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම දින හතක කාලයක් සඳහා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පසුගිය 05 වෙනිදා නියම කළාය. කෙසේ වුවද මේ වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස