බස් එකේ ගිහින් ජනතා ප්‍රශ්න විසඳන්න බෑ…! ජනතා සේවයට හොඳ වාහනයක් අවශ්‍යයයි….!

May 31, 2021 at 7:34 am | by emanisa.lk

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් 75 කට වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුන්ට වාහනයක් ලබාදීම ඉතා සාධාරණ බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වීමට සිදුවන බවත්, ඒ සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිත කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

පළාත් සභා මන්ත්‍රීවයෙකු ලෙස කටයුතු කරද්දී හෝ තමාට වාහන බලපත්‍රයක් ‍නොලැබුණු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමාට බස් රථයේ පවා පාර්ලිමේන්තු යාමට සිදු වූ බවත් ඔහු සඳහන් කරයි.

නවක මන්ත්‍රීවරුන් සඳහා ජීප් රථ 227 ක් ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබූ අතර කෙසේ නමුත් කැබිනට් මණ්ඩලයේ දී එම යෝජනාව ප්‍රතික්ෂේප කෙරිණි. බොහෝ පාර්ශ්වවලින් අදාළ යෝජනාව සඳහා විරෝධය එල්ල වීම ඊට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *