බන්ධනාගාර ඇමැතිකම සුදර්ශනීගෙන් ගලවයි! ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි!

December 2, 2020 at 1:24 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (2) දිවුරුම් දුන්නේ ය.

ලොහාන් රත්වත්ත මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර් මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.

මෙතෙක් එම ධුරයේ කටයුතු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පසුගිය දා වෛද්‍ය දිවුරුම් දී දුන්නා ය.

ලොහාන් රත්වත්තේ වර්තමාන ආණ්ඩුවේ මහා මාර්ග ඇමැති ධුරය බලාපොරොත්තුවෙන් සිටි බව ද පසුගිය සමයේ ඔහු ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *