බන්ධනාගාරයට කුඩු අදින බළලෙක් අල්ලයි!

August 2, 2020 at 12:18 am | by emanisa.lk

හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැට ගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වී තිබේ.

එහිදී බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබු හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම්පත් 2ක් හා මෙමරි කාඩ් පතක් සොයාගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස