පොහොට්ටුවේ වහල්ලු මේ ආණ්ඩුවට වැඩ කරන්න දුන්නෙම නෑ! – මනූෂ

July 14, 2019 at 10:26 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ දා සිට විශ්වාසභංග ඇතුළු නොයෙක් කකුල් මාට්ටු දැමිලි දිගින් දිගටම සිදු වූ බවත් එහෙයින් ආණ්ඩුවට වැඩ කිරීමට වඩා සිදු වූයේ එම ගැටලුවලට විසඳුම් සෙවීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

මේ පිටුපස සිටින්නේ කෙසේ හෝ බලය ලබා ගැනීම අරමුණු කරගත් වහල් මානසිකත්වයෙන් යුත් පොහොට්ටු සාමාජිකයන් බව ද හෙතෙම පවසයි. ඔවුන් සෑම අවස්ථාවක්ම බලය ලබා ගැනීම සඳහා මිස රටේ මිනිස්සුන්ට වන යහපතක් පිළිබඳ කතා නොකළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එජාපය වෙනත් පක්ෂයක මහ ලේකම්වරයෙක් ජනාධිපතිවරයා කිරීමට තරම් නිර්ලෝභී වූ පක්ෂයක් බවත් මෙවර එම වරද නැවත නොකර නියම අවස්ථාවේ දී එක්සත් ජාතික පෙරමුණ හරි අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස