පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ජාතික සම්මේලන වේදිකාවට! – මහින්ද

June 2, 2019 at 8:34 am | by admin

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සති අන්ත පුවත්පතකට පවසා ඇත.

එම ජාතික සමුළුව ලබන සැප්තැම්බරයේ හෝ ඊට පෙර පැවැත්වෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇත. පසුගියදා පැවති පක්ෂ නායක සමුළුවේදී තම සන්ධානයේ සිටින ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන් පිරිසක් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

එ.ජා.ප.යද තවමත් සිය අපේක්ෂකත්වය හඳුන්වා දී නැති බැවින් ඒ සඳහා සිය පක්ෂය නිශ්චිත මොහොතේ සුදුසු පියවර ගන්නා බවත් දැනටමත් පක්ෂය තුළ ඒ ගැන මූලික අදහසක් ඇතැයිද රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස