පුහුණු සම්මන්ත්‍රණ මුවාවෙන් රට පුරා රස්සා බෙදනවා! මැතිවරණ නීති කැඩීම වහාම නතර කරන්න! – පැෆරල් ඉල්ලයි…

September 26, 2019 at 8:44 am | by emanisa.lk

පුහුණු වැඩසටහන් හා සම්මන්ත‍්‍රණ වැනි උපක‍්‍රමශීලී ක‍්‍රියාමාර්ග භාවිත කරමින් දිනපතා රටේ බොහෝ තැන්වල රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සම්මුඛ පරීක්‍ෂණ පවත්වන බවට පැමිණිලි ලැබෙන බැවින් එම කටයුතු නැවැත්වීමට වහාම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆරල් සංවිධානය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඊයේ (25 දා) ලිඛිතව ඉල්ලා තිබේ.

මේ නිසා රාජ්‍ය ආයතනවල සිදුවන නිලධාරීන් බඳවා ගැනීම් හා පත්වීම් ලබාදීම් වළක්වාලීමට සියලූ අමාත්‍යාංශ ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් දැනුවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ද එම සංවිධානය ඉල්ලා තිබේ.

සියලූ අපේක්‍ෂකයන්ට අගතියකින් තොරව තරග වැදිය හැකි සම බිමක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සැමගේ යුතුකමක් හා වගකීමක් බව ද පැෆරල් සංවිධානයේ අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි යැවූ එම ලිපියේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස