පිල්ලෙයාන් නිදහස් කරන්නැයි කරුණා මහින්දගෙන් ඉල්ලයි!

December 22, 2019 at 2:51 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කළේ යැයි සිරගත කර සිටින නැඟෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලයාන් නිදහස් කරන ලෙස හිටපු ශ්‍රීලනිප උප සභාපති නියෝජ්‍ය ඇමති විනයාගමූර්ති මුරලිදරන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මුරලිදරන් මෙන්ම චන්ද්‍රකාන්තන් ද කලක් කොටි සංවිධානයට සම්බන්ධ වී සිටි අතර අනතුරුව ශ්‍රී ලංකා රජය සමග එක්ව කොටි පරාජය කරන සටනට එකතු විය.

පසුගිය සමයේ තමන්මු අතර ගැටුම් ඇති වුවද චන්ද්‍රකාන්ත්ගේ පක්ෂය සමග තමන්ට නැගෙනහිර දේශපාලනය කළ හැකි බව මුරලිදරන් පවසා තිබේ.

2015 ආණ්ඩු පෙරළියත් සමග රෙ කී චෝදනාවට චන්ද්‍රකාන්තන් සිරගත කෙරිණි. යහපාලන ආණ්ඩුව චන්ද්‍රකාන්තන් සිරගත කළේ දෙමළ ජාතික සන්ධානය සතුටු කිරීමට සහ ඔවුන්ට නැඟෙනහිර සිය බලය ගොඩනඟා ගැනීමට බවට චෝදනා නැඟෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස