පාස්කු ප්‍රහාරයේ වගකීම ජනපතිටයි! ඉස්ලාම් අන්තවාදය ගැන පරීක්ෂණ නවතන්න බුද්ධි අංශ අණ කළා! – පූජිත

June 4, 2019 at 8:00 am | by admin

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරයෙන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන පූජිත් ජයසුන්දර සඳහන් කරයි.

ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මේ බව වාර්තා කරයි.

තමන් විසින් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී පිළිබඳ කරගෙන ගිය පරීක්ෂණ නවතන්නැයි රාජ්‍ය බුද්ධි අංශය විසින් තමනට අණ කළ බවද කියා සිටියි. ජනාධිපතිවරයා යටතේ රාජ්‍ය බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශ අතර සබඳතා බිඳ වැටී ඇතැයිද පෙත්සමේ පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව