පාස්කු ප්‍රහාරයට පසු ශ්‍රී ලංකාව වේගයෙන් ගොඩනැඟෙනවා! සංචාරක කර්මාන්තයත් නැවත පිබිදෙනවා! – සාගල

June 7, 2019 at 2:17 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍ර‍හාරයෙන් පසුව ශ්‍රී ලංකාව නැවත වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ඇමති සාගල රත්නායක පවසයි.

2019 වසරේ ජර්මනියේ පැවති ජාත්‍යන්තර ප්‍ර‍වාහන හා සේවා සැපයුම් (the Transport Logistics Fair 2019) ප්‍ර‍දර්ශනයේ මෙරට කුටිය විවෘත කිරීම සඳහා සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේය.

ඉන්දියන් සාගරය හරහා වැටී ඇති නැගෙනහිර බටහිර යා කරන නාවික මාර්ගයේ පිහිටි ශ්‍රී ලංකාව සමුද්‍රීය බහාලුම් ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් හම්බන්තොට වරායේ භූගෝලීය පිහිටීම නාවික වෙළෙඳාමට මෙන්ම පොදු ආනයන අපනයන ක්‍රියාවලියටත් වැදගත් බැවින් එමගින් කාර්යක්ෂම ඵලදායි සේවයක් ලබා දිය හැකි බවද ඇමතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස