පාස්කු ප්‍රහාරයට කලින් සතියේ මම පත්තරේ බැලුවේ නෑ! බුද්ධි අංශ තොරතුරු දුන්නෙත් නෑ! – මෛත්‍රී

October 17, 2020 at 10:24 pm | by emanisa.lk

ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී නාමල් කුමාර පිළිබඳ කතා නො කළ බවත් නාමල් කුමාර යනු කවුදැයි තමා නො දන්නා බවත් කිසි දිනක ඔහු දැක නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එසේ ම තමන් අන්තවාදය මර්දනය සඳහා දුන් උපදෙස් අනුව කටයුතු නො කළ බවත් සිය රාජකාරී නිසි ලෙස ඉටු නො කළ රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දුන්නේ නම් රාජ්‍ය සේවකයන් කෙතරම් ප්‍රමාණයක් ඉතිරි වන්නේ දැයි කිව නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

අප්‍රේල් 10 වන දා වන විට පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණ ද ඒ කිසිවක් තබා අප්‍රේල් 16 තාලන්කුඩා යතුරු පැදිය පුපුරුවා හැරීම පවා තමා වෙත නොදැන් වූ බව ඔහු සඳහන් කළේය.

ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය නිසා එම දින කිහිපයෙහි පුවත්පත් කෙරෙහි අවධානයක් යොමු නොකළ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේ ය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හෙතෙම මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස