පාලිත රංගේබණ්ඩාරගේ පුතා නැවතත් රිය අනතුරක! අනතුර සිදුකළ වාහනයේම නැඟී පළා යයි!

June 12, 2020 at 11:37 am | by emanisa.lk

පාලිත රංගේබණ්ඩාරගේ පුතා නැවතත් රිය අනතුරක! අනතුර සිදුකළ වාහනයේම නැඟී පළා යයි!

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත රංගේබණ්ඩාරගේ පුත්‍රයාගේ වාහනයක් අනතුරකට පත්ව ඇත.

ආණමඩුව පදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යශෝද රංගේබණ්ඩාර නමින් ඇති සුඛෝපභෝගි වාහනයකි.

වැලි ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු වාහනය ගමන් ගත් පිරිස පළාගොස් තිබේ.

2018 වසරේ ද යශෝද රංගෙබණ්ඩාර රිය අනතුරකට ලක් වූ අතර ඒ අවස්ථාවේ ඔහු ගමන් කළේ සිය පියා ඇමති ධුරය දැරූ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ කැබ් රියකිනි.

2016 වසරේ ඔහු ගමන් කළ රියක ගැටී 42 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මිය ගිය අතර අනතුරින් පසු යශෝධ රංගේබණ්ඩාර පළා ගියේය.

අනතුරුව ඔහු සිය සගයෙකු සමග පොලිසියට භාර වූ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇමති පුතාට අනතුරුව ඇප ලැබිණි. රථය ධාවනය කළේ එම සගයා බව ඔහු පිළිගෙන තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස