පාර්ලිමේන්තුව නොපවත්වන දවසක වියදම ලක්ෂ 87යි! මේ මහජන මුදල් වියදම් කරලා විනාශය හැර රටට දිනාදුන්නේ මොනවාද? – විදුර වික්‍රමනායක (video)

May 31, 2019 at 12:48 pm | by admin

පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක වියදම ලක්ෂ 92ක් බවත් පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනයක වියදම ලක්ෂ 85ක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසයි.

අයවැය විවාදය මාසයක් පුරා පැවැත්වෙන බවත් එහි වියදම දළ වශයෙන් ලක්ෂ 3000ක් බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා එම මුදලින් රටේ දරුවන්ට පුස්තකාල කීයක් තනා දිය හැකි දැයි ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමෙන් මේ රටේ ජනතාවට ජාතියේ දරුවන්ගේ ජීවිත ආලොකවත් කිරීමට ලැබී ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා අන්තවාදීන්ට උවමනා ආකාරයට ක්‍රියාත්මක වන්නට සහ එක එක කල්ලිවලට හොරකම් කිරීමට අවස්ථාව ලබා දීම මිස කිසිවක් සිදුව තිබේදැයි විමසුවේය.

හොරණ ගෝණපල මහජන පුස්තකාලය විවෘත කිරීමේ උළෙලට සහභාගී වෙමින් මෙම අදහස් ප්‍රකාශ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස