පාර්ලිමේන්තුවත් සුදු අලියෙක් වෙයි! සියලු කටයුතු අඩාලයි! අදත් ආවේ ආණ්ඩුවේ හතර දෙනයි!

September 6, 2019 at 3:27 pm | by emanisa.lk

ආණ්ඩු පක්ෂයේ ප්‍රමාණවත් මන්ත්‍රීන් සංඛ්‍යාවක් අද (06) දිනයේදී පාර්ලිමේන්තුවට නොපැමිණීම නිසා පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45කට සීමා විය.

ඒ අනුව පාර්ලිමේන්තුව එළැඹෙන 17 දා තෙක් කල් දැමීමට කථානයක කරු ජයසූරිය කටයුතු කළේය.

අද දිනට නියමිත යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ විපක්ෂය ඊට අදාළ ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් ආණ්ඩු පක්ෂයේ නොමැතිවීම හේතුවෙන් අදාළ යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ආණ්ඩු පක්ෂයට සිදුවිය. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සිව් දෙනෙක් පමණි.

ඊයේ දිනයේ ඇමතිවරුන් වෙත යොමු කළ ප්‍රශ්න 11ක් සඳහා පිළිතුරු ලබා දීමට කිසිම ඇමතිවරයකු පාර්ලිමේන්තුවේ නොසිටි බව ද වාර්තා විය. මේ නිසා එදිනට නියමතිව පැවති කටයුතු කල් තැබිණි.

පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනක වියදම රු. ලක්ෂ 85ක් වන අතර පාර්ලිමේන්තුව පවත්වන දිනයක එහි වියදම රු. ලක්ෂ 95කි. ඒ අනුව ඊයේ සහ අද දිනයේ පාර්ලිමේන්තුවේ වියදම රු. 200කට ආසන්නය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස