“ප්‍රහාරය එල්ල කළේ සිංහල බෞද්ධයෝ” BBCය ලෝකයට බොරු කියයි! ශ්‍රී ලංකා රජය සහ බීබීසී සිංහල සේවයේ අමීන් නිහඬයි!

April 24, 2019 at 1:46 pm | by admin

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ ප්‍රධාන කතෝලික පල්ලි තුනකට සහ සංචාරක හොටෙල් තුනකට ප්‍රහාර එල්ල කළේ සිංහල බෞද්ධ සංවිධානයක් යැයි දෙමළ කොටි ඩයස්පෝරාවේ තුසියන් නන්දකුමාර් උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය ජාත්‍යන්තරය පුරා ප්‍රචාරය කරමින් සිටියි.

එහෙත් මේ වන විට එම ප්‍රහාරය එල්ල කළේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය බවත් එම ප්‍රහාරය එල්ල කළ සාමාජිකයන් ඇතුළු සියලු තොරතුරු බුද්ධි අංශ විසින් සොයා ගෙන අවසානය. පසුගියද ඇමති රාජිත සේනාරත්න ද මෙම ප්‍රහාරය එල්ල කළේ එම සංවිධානය බව ප්‍රකාශ කළේය. විදෙස් බුද්ධි අංශ එම ප්‍රහාරය පිළිබඳ ලංකාවට අනතුරු අඟවා තිබිණි.

එවැනි පසුබිමක සිංහල බෞද්ධ විරෝධී බීබීසීය ගෙන යන අසත්‍ය ප්‍රචාරයට ප්‍රතිචාර දැක්වීමට සහ එය නිවැරදි කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කිසිවක් කර නොමැත. එපමණක් නොව බීබීසී සිංහල සේවයේ අසාම් අමීන් ද මෙම ද්වේෂ සහගත පුවත නිවැරදි නොකර නිහඬව සිටියි.
එමගින් ශ්‍රී ලංකා රජය මෙන්ම අසාම් අමීන් ද මෙම සිංහල බෞද්ධ විරෝධී ප්‍රචාරය සඳහා සිය අනුග්‍රහය නොමදව ලබා දෙයි. මුස්ලිම් ප්‍රජාව පිළිබඳ වැරදි පුවතක් ප්‍රචාරය වූයේ නම් වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට සැදී පැහැදී සිටින අසාම් අමීන්ගේ නිහඬතාව පුදුම එළවන සුළුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස