පළාත් සභා මන්ත්‍රී පිරිසකට පමණක් වාහන බලපත්‍ර ලබා දීම අසාධාරණයි! ඒ නිසා අනෙක් අයටත් දෙනවා! – ආණ්ඩුව

August 6, 2019 at 11:27 pm | by emanisa.lk

පළාත් සභා මන්ත්‍රීවරුන් කොටසකට පමණක් හිමි වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර සෙසු මන්ත්‍රීවරුන්ටත් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී අද (06) පැවැසීය.

මුදල් අමාත්‍යවරයා විසින් 2016 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා අනුව සහනදායි බදු පදනම මත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීම 2015 නොවැම්බර් 20 වැනිදා සිට නවතා දමා ඇති නමුත් එයින් මන්ත්‍රීවරුන් කොටසකට අසාධාරණයක් වූ බව තමන් පිළිගන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සහනදායි බදු පදනම මත වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ චක්‍රලේඛය අවලංගු වූ පසුත් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එම බලපත්‍ර නිකුත් කර ඇති බවට තොරතුරුක් ලැබී ඇති නමුත් මෙතෙක් එය සනාථ වී නැතැයි ද ඇමැතිවරයා කීවේය. එය සනාථ වුවහොත් ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස