ටවුන්හෝල් පාර වහගෙන ගියේ රථ පෙරහැරක මිනුවන්ගොඩ ගිය ඇමති රුවන්මයි!

May 22, 2019 at 1:33 pm | by admin

පසුගිය දිනක කොළඹ නගර ශාලාව අසල විහාරමහාදේවී උද්‍යානය අසල මාර්ග වසා තිබුණේ ප්‍රභූවරයකුගේ වාහන පෙළක් යාමටය. මේ අවස්ථාවේ එහි නතර කර තිබූ අතර තමන්ට සිදු වූ අපහසුතාව පිළිබඳවාහන හිමියන් සිය ගණනක් නළා හඬවමින් ඊට විරෝධය පළ කරනු දැකිය හැකි විය.

මෙලෙස ගමන් කළේ ජනාධිපතිවරයා යැයි සිතූ බොහෝ දෙනෙකු බැණ වැදී තිබුණේ ජනාධිපතිවරයාටය. එහෙත් සැබවින්ම මේ ආකාරයට පාර වසා ගෙන ගොස් තිබුණේ දින තුනක් ආරක්ෂක ඇමති ධුරයේ වැඩ බැලූ රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනය. ඊට පෙර ආරක්ෂක යතුරු පැදි පෙරටු කොට ගෙන වාහන පෙළක් සමග මිනුවන්ගොඩට ගියේ ද ඇමති රුවන්ය.

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට පසු මේ පිළිබඳ ජනාධිපතිවරයා හෙළිදරව් කළ අතර කැබිනට් මණ්ඩලය ද එතෙක් සිතා සිට ඇත්තේ මේ ගමන් කළේ ජනාධිපතිවරයා බවය.

මේ සියල්ල කතාබහ වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ බිම බලාගෙන සිටි බව වාර්තා වෙයි. අගමැතිවරයාගේ සමීපතම ඥාතියා වන ඇමති රුවන් ඊළඟ එජාප නායකයා වනු ඇතැයි ද පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස