පළාත් සභාවලින් පුදුම සේවයක් රටට වෙනවා! පාර්ලිමේන්තුවට පළාත් සභාවෙන් 50ක් ඇවිල්ලා! පළාත් සභා නැති වුණොත් රටට විශාල පාඩුවක් වෙනවා! – එස්.බී.

September 1, 2020 at 1:32 pm | by emanisa.lk

පළාත් සභා යනු මෙරට ජනතාව අතර පදම් වූ සංවිධානයක් බැවින් ඒවා නිකම්ම ගලවා විසි කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

“රටේ ජනතාව පළාත් සභාවලට හුරු වෙලා ඉන්නෙ. ඒ නිසා පළාත් සභා ඕනෙද නැද්ද කියන කාරණය ඔහොම සරලව තීන්දු කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මං දැක්කා පාර්ලිමේන්තුවෙ ඉන්නවා පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරු පනස් ගාණක්.

පළාත් සභා එපා කියනවා වගේම පළාත් සභා වෙනුවෙන් කතා කරන්නත් රටේ ලොකු හඬක් තියෙනවා. පළාත් සභා එහෙම පැත්තකට විසි කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි.

ඒක දැන් මේ රටේ පදම් වෙච්ච කාරණයක්. එහෙම පදම් වෙච්ච සංවිධානයක් එහෙම ගලවලා විසි කරන්න බෑ. එවැනි උත්සාහයකින් විශාල හානි සිද්ධ වෙනවා රටට. ආර්ථික සමාජීය දේශපාලනික හානි සිද්ධ වෙනවා. ඒක හින්දා ඒක බොහොම පරිස්සමින් ගන්න ඕනෙ තීන්දුවක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස