පසුබැසීම් ඇති වෙනවා තමයි! නමුත් ජනතාව මුදා ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ! – අනුර දිසානායක

November 19, 2019 at 5:03 pm | by emanisa.lk

දේශපාලනයේ හැරවුම්, පසුබැසීම්, ව්‍යාකූල තත්ත්වයන්, ඈත්වීම් ඕනෑ තරම් ජීවිත කාලය තුළ අත්විඳ ඇති බවත් සෑම මොහොතකම යළි යළිත් අප ශක්තිමත් වෙමින්, ධෛර්ය ලබා ගනිමින්, යළි යළිත් මාවත හොඳින් විවෘත කර ගත් බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එහෙයින් මේ රටත් රටේ ජනතාව මුහුණදී තිබෙන අභියෝගයෙන් මුදා ගැනීමේ වගකීම කිසිසේත් අත්නොහරින බව මේ රටේ පොදු ජනතාවට සපථ කර කියා සිටින බව හෙතෙම අවධාරණය කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (18) එම අදහස් පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස