2015 බලයට පත් යහපාලන ආණ්ඩුව ඔවුන් බලයට පත්කිරීමට කටයුතු කළ පාර්ශ්ව විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය සතුටු කිරීමට තමා අභූත චෝදනා නඟා සිරගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පවසයි.
ජොෂ්ප් පරරාජසිංහම් ඝාතනයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් තමා පරරාජසිංහම් කිසි දිනක දැකවත් නොමැති බවත් ඔහු පවසයි.
නැඟෙනහිර පළාතේ දේශපාලන බලය තමා අල්ලා ගනු ඇතැයි පැවැති බියට මෙලෙස සිරගත කළ ද කිසියම් දිනක ඉතිහාසය තමා නිවැරදි කරනු ඇතැයි දැඩි විශ්වාසයක් තමා තුළ පැවැති බවත් චන්ද්‍රකාන්තන් අවධාරණය කරයි. කිසි දිනක වර්තමාන ජනාධිපති හෝ අගමැතිවරයාගෙන් තමා නිදහස් කරන ලෙස ඉල්ලා නොසිටි බවත් ඔහු අනාවරණය කළේ ය.
එම්.ඒ. සුමන්දිරන්, මංගල සමරවීර මෙම අවනඩුවට සම්බන්ධ බවත් අධිකරණ ක්ෂේත්‍ර යේ ඇතැම් පාර්ශ්ව යහපාලන ආණ්ඩුවෙන් උසස් වීම් ලබා ගැනීම සඳහා තමන්ට අභූත චෝදනා ගොනු කළ බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.
පරරාජසිංහම් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු මාධ්‍ය හමුවක් අමතමින් අද (13) ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.