නොම්බර එකේ යූඇන්පීකාරයා මුසාම්මිල් ගෝඨාට එකතු වෙයි! නාමයෝජනා අත්සන් කරන නැකතට ගෝඨාගේ ගෙදරටම යයි!

October 6, 2019 at 10:48 am | by emanisa.lk

1970 සිට එනම් දශක 05කට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ වර්තමාන බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසාම්මිල් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට ඉදිරිපත් වී තිබේ.

2011 වසරේ සිට කොළඹ පුරපති ලෙස කටයුතු කළ මුසාම්මිල් එජාප පාලනය යටතේ පැවති කොළඹ මහ නගර සභාව අලංකාර පිරිසිදු දියුණු නගරයක් බවට පත් කිරීමට එවක ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ගෝඨාභය ඉටු කළ කාර්යභාරය මහත් සේ වර්ණනා කළේය.

2014 බස්නාහිර පළාත් සභා මැතිවරණයට නොම්බර එකේ යූඇන්පීකාරයා යන තේමාව යටතේ තරඟ කළ මුසාම්මිල් ඉන් ජය ගත්තේය. 2017 සිට මැලේසියානු මහ කොමසාරිස් ලෙස ද හෙතෙම කටයුතු කළේය.

මුසාම්මිල් ගෝඨාභය සමග එකතු වීම මුස්ලිම් ජනතාව අතර ගෝඨා පිළිබඳ ගොඩ නැඟීමට උත්සාහ කරන ව්‍යාජ භීතිකාව සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කළ බවත් මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව වේගයෙන් ගෝඨාභය වෙත ආකර්ෂණය වන ආාකාරය සංකේතවත් කරන බවත් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස