නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන නොමැති බව ජනපති කොමිසමේදී හෙළිවෙයි! – ඇමති රාජිතගේ තවත් බොරුවක් පැය 24ක් යන්න කලින් මාට්ටුයි..

September 26, 2019 at 9:11 am | by emanisa.lk

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බව ඊයේ (25) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී හෙළි විය.

නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල පිළිබඳව සාක්ෂි ලබාදීම සඳහා පසුගිය 24 වැනිදා ඇමැතිවරයා එම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. එහිදී ඇමැතිවරයා 2019 අගෝස්තු 13 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව සඳහන් කරමින් ප‍්‍රකාශ කර සිටියේ එම පත්‍රිකාව මගින් නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමට කටයුතු කර ඇති බවය.

එම අවස්ථාවේ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා නියෝග කර සිටියේ පසු දින (25) පස්වරු 9.30 ට එම කැබිනට් පත්‍රිකාවේ පිටපතක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස කැබිනට් ලේකම්වරයාට නියෝග කරන ලෙසයි. ඒ අනුව ඊයේ (25) කැබිනට් ලේකම්වරයා නියෝජනය කරමින් කැබිනට් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජූඩ් නිලූක්ෂාන් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය.

එහිදී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාගෙන් රජයේ නීතිඥවරිය විසින් සාක්ෂි විමසන ලද අතර, මෙතෙක් එවැනි පවරා ගැනීමක් සිදුව නැති බව එහිදී අනාවරණය විය. මේ අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා නොගෙන එහි නඩත්තුව සඳහා මාසිකව අතිවිශාල මුදලක් අවභාවිත කර ඇති බව තහවුරු වෙයි.

මෙම පෞද්ගලික රෝහල නඩත්තු කිරීම සඳහා රජය මාසිකව රු. මිලියන 300ක මුදලක් වැය කරන බවත් හම්බන්තොට වරාය බදු දීම නිසා මසකට රජයට ලැබෙන්නේ රු. මිලියන 250ක් බවත් මෙයට පෙර හෙළිකර තිබිණි. මෙම රෝහල ගොඩනැඟීමට ලංකා බැංකුවෙන් ගත් ණය මුදල වන රු. බිලියන 2.5 ද ගෙවන්නේ රජයයි. එහෙත් රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට අයත්ය.

මෙම රෝහල අමාත්‍ය මණ්ඩල සන්දේශයක් මගින් සයිටම් ආයතනයට වසර 10ක් සඳහා පවරා ඇති බවත් එය රජයට පවරා ගැනීමේ කටයුතු කළ හැක්කේ ඊට පසුව බවත් සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ මෙයට පෙර අනාවරණය කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස