නුවරඑළියේ චණ්ඩියා අලි අමාරුවක! චෝදනා 4ක් යටතේ පැමිණිල්ලක්!

February 24, 2020 at 7:54 am | by emanisa.lk

නුවරඑළිය ග්‍රේගරි වැව ආශ්‍රිත අනවසර අවන්හලක් ඉවත් කිරීමට ගිය නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකුට රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායකට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ සිංහලේ සංවිධානය විසිනි.

අදාළ සම්පූර්ණ පැමිණිල්ල මෙසේය.

වැඩබලන පොලිස්පතිතුමා
පොලිස් මුලස්ථානය
කොලබ

ගරු මහත්මයාණෙනි ,

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වෙනි අධිකාරිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත්කරමි

1) අදාළ අධිකාරියේ 183 වගන්තිය , 184 වගන්තිය 185 වගන්තිය 186 වගන්තිය කඩකරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායකතුමා කටයුතු කරන ආකාරය ඊයේ දිනයේදී ජනමාධ්‍ය වාර්තා විශ්ලේෂණයේදී අපට සංවිධානයක් ලෙස නිරීක්ෂණය විය .

2) එහිදී අදාළ සැකකාර මන්ත්‍රී නවින් දිසානායක මහතා විසින් නිල කටයුතු ඉටු කිරීමේදී රජයේ සේවකයන්ට බාධා කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් සිවිල් පුරවැසියකු ලෙසත් සහය වීමට නීතියෙන් බැදී ඇතිවිට රජයේ සේවකයකුට සහාය නොවීම, රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබූ ආඥාවකට අකීකරුවිම, රජයේ සේවකයකුට පාඩු කිරීමේ තර්ජනය වැනි අපරාධමය වැරදි හතරක් හෝ ඊට වැඩි ගණනක් සිදුකර ඇත .

3) අදාළ මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ නීතිඥ මහතකු වන අතර හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමටද අප සංවිධානය පැමිණිලි කිරීමට නියමිතව ඇත .

4) මන්ත්‍රීවරයා මේ සියලු වැරදි සිදුකරනු ලබන්නේ සාම නිලධාරින් ඉදිරිපිටදී වන අතර අනිවාර්යෙන් මේ පැමිණිල්ලේ සඳහන් සියලු කරුණු ජාතික පොලිස් කොමිසම් සභාවේ ඉදිරි විමර්ශන වෙනුවෙන් යොමු කිරීමේ වගකීම විමර්ශන නිලධාරින් ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ වගකීමක් ලෙස මේ අවස්ථාවේදී මතක්කර සිටිමු .

අදාළ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව සාධාරණ සහ යුක්ති සහගත පරීක්ෂණයක් ඉක්මනින් පවත්වා සුදුසු අධිකරණයකට ඔහු යොමු කරන ලෙස ඉල්ලා සිටිමු

මෙයට විශ්වාසී
ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය – ජාතික සංවිධායක

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස