කඩොලාන වනසා ක්‍රීඩාපිටි තැනීමට මීගමුවේ විරෝධය!

February 14, 2020 at 6:19 pm | by emanisa.lk

මීගමුවේ මුන්නක්කරය රෙජිනා පාර අසල දූපතේ කඩොලාන පද්ධතිය විනාශ කර ක්‍රීඩාපිටියක් තැනීමට අද (14) මීගමුව නගරයේ විරෝධතාවක් පැවැත්විණි.

අතිශය සංවේදී කඩොලාන පද්ධතිය රැක ගැනීමට කටයුතු කළ යුතු බව විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ.

මෙහි ක්‍රීඩා පිටියක් සැකසීම සඳහා පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයකු ජනතාවට පොරොන්දු වී තිබේ. කෙසේ වුවද එය රජය සතු සංරක්ෂණ භූමියකි.

මෙම විරෝධතාව සඳහා 100ක පමණ පිරිසක් සහභාගී වූ අතර ඊට විරුද්ධව ද තවත් පිරිසක් විරෝධතා පැවැත්වීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස