නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම සතියක් බන්ධනාගාරයට!

September 10, 2019 at 3:34 pm | by emanisa.lk

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් කඩ කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට ගොස් ඇති වූ ගැටුමක් ඊට හේතු විය.

පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක් නොතකා එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන් ඇමතිවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *