ධම්මික පැණිය ලෝකයට හඳුන්වා දිය යුතුව තිබුණා….! එසේ නොකළ නිසා ජනතාව පොර කාලා කොරෝනා හැදුණා…! – හඳුන්නෙත්ති…

January 24, 2021 at 4:32 pm | by emanisa.lk

ධම්මික පැණිය කොරෝනා සුවපත් කරන මහා ඖෂධයක් නම් එය වහා ම ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගයෙන් ලෝකයට හඳුන්වා දී මේ රට ම පොහොසත් කිරීම සඳහා භාවිත කළ යුතු බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එසේ නොමැතිව සෞඛ්‍ය ඇමැතිනිය පැණි බී මුට්ටිය ගඟට හැලීමෙන් පළක් නැතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා පෙන්වා දෙයි.

එහෙත් එසේ නොකර විකාර කිරීම නිසා ජනතාව පොරකමින් රෝගය බෝ කරන්න පටන් ගත් බවට ඔහු චෝදනා කරයි.

මේ තරම් බරපතළ තත්ත්වයට රට ඇද දැමූ ආණ්ඩුව වහා ම ඉල්ලා අස්විය යුතු බව ද හඳුන්නෙත්ති පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *