දේශපාලන පත්වීම් ලැබූ තානාපතිවරු 30ක් කැඳවයි! නව වසරේ අලුත් තානාපති පිරිසක්!

December 6, 2019 at 8:50 am | by emanisa.lk

දේශපාලන පත්වීම් ලබා විදේශීය තානාපතිවරුන් ලෙස දැනට සේවය කරන ශ්‍රී ලාංකික තිස් දෙනකුගේ සේවය අවසන් කර ශ්‍රී ලංකාවට යළි කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම 30 වැනිදා වන විට දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන ලිපි මගින් ඊයේ (5) එම තානාපතිවරුන් දැනුම්වත් කර තිබේ. පසුගිය රජය විසින් දේශපාලන පත්වීම් මත මෙම තානාපතිවරුන් පත් කර ඇත. ඔවුන් සේවය කළ කාලය නිසි අයුරින් රාජකාරි කටයුතු සිදු කර ඇත්දැයි විමර්ශනයක් සිදු කිරීමටද නියමිතය.

මෙම රටවල් සඳහා ජනවාරි මාසය අවසන් වීමට ප්‍රථම නව තානාපතිවරුන් පත් කිරීමට ද විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන බලාපොරොත්තු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස