ද්විත්ව පුරවැසිකම නිසා 20 පරාද කළ යුතු නෑ! එහෙම වුණොත් මුළු රටේ ම පරාජයක්! – මැදගොඩ අභයතිස්ස හිමි

October 21, 2020 at 9:31 pm | by emanisa.lk

ද්විත්ව පුරවැසිභාවයෙහි එල්ලී මුහුණත් එක්ක තරහ වී නහය කපා ගන්නා සේ 20 වෙනි සංශෝධනය පරාජය කරගතහොත් එය මුළු රටේ ම පරාජයක් වනු ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ නීතිය මෙරටට හඳුන්වා දුන්නේ හුදු රාජපක්ෂ පවුලින් පළිගැනීම සඳහා ම හෙයින් එය මේ අවස්ථාවේ ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ තීන්දුව වී ඇති බව එහිමියන් පෙන්වා දුන්හ.

කෙසේ වුව ද ඉදිරියේ දී නිර්මාණය කරන අලුත් ව්‍යවස්ථාව මගින් ද්විත්ව පුරවැසි රෙගුලාසි අනිවාර්යෙන් ක්‍රියාවට නඟන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමා වෙත දැනුම් දුන් බව ද අභයතිස්ස හිමි වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස