තිස්සමහාරාමේ ළමයා මිය ගියේ මන්දපෝෂණයෙන් නෙමේ, සමාජ ආර්ථික ගැටළු නිසයි! – රාජිත

June 22, 2019 at 7:17 am | by emanisa.lk

තිස්සමහාරාම මැදිගම්විල ප්‍රදේශයේදී මියගිය දරුවාගේ මරණයට හේතුව මන්ද පෝෂණ තත්ත්වයට එහාගිය සමාජ හා ආර්ථික ගැටළු රාශියක් යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙම දරුවාගේ පවුලට පසුගිය ආණ්ඩු සමයේ සමෘද්ධි දීමනාව ලබා දුන් බවටත් වර්තමාන ආණ්ඩුව එය අහිමි කර ඇති බවටත් විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස