තිලිණි ප්‍රියමාලිගේ ජාවාරම් පිටුපස පොලිසියත්…! ආරක්ෂාව සහ උපදෙස් ප්‍රකට නි. පොලිස්පතිවරුන්ගෙන්…!

October 18, 2022 at 9:52 am | by emanisa.lk

කෝටිපති ව්‍යාපාරිකයන් රවටා දැවැන්ත මූල්‍ය වංචාවක නිරතවීමක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි සමඟ පොලීසියේ ඉහළම නිලධාරීන් දෙදෙනෙක් සමීප සබඳතා පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

කොළඹ තරු පන්තියේ හෝටල් දෙකක දී මෙම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා විටින් විට ඇය මුණ ගැසී ඇති අතර මෙම නිලධාරීන් දෙදෙනා සමාජයේ වැඩි කථාබහට ලක්වන චරිත වීම ද විශේෂිතය.

ඒ එක් නිලධාරියෙක් කටයුතුකර ඇත්තේ ඇගේ ආරක්ෂක කටයුතු භාරව බවත් අනෙත් නිලධාරියා කටයුතුකර ඇත්තේ ඇගේ උපදේශකයෙක් ලෙස බවත් පොලිස් මූලස්ථානයට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *