ත්‍රස්තවාදීන්ගේ ගුණ ගයමින් ජනතාව කුපිත කිරීමට එරෙහිව අලුත් නීති ගේනවා! – සරත් වීරසේකර

December 18, 2020 at 9:13 am | by emanisa.lk

තහනම් ත‍්‍රස්තවාදී සංවිධාන සම්බන්ධයෙන් ප‍්‍රශංසනාත්මකව කතා කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැම් ද්‍රවිඩ මන්ත‍්‍රීවරුන් කටයුතු කරන බවත්, එවැනි දේ වැළැක්වීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

හිට්ලර් සහ නාසි හමුදාවන් සම්බන්ධව ප‍්‍රශංසා මුඛයෙන් ජර්මන් පාර්ලිමේන්තුවේ කතා කළහොත් සිර දඬුවම් විඳීමට සිදුවන නමුත් ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති නිසා අන්තවාදී පිරිස් අයුතු ප‍්‍රයෝජන ගන්නා බව ඒ මහතා කීය.

පාර්ලිමේන්තුව තුළ තහනම් ත‍්‍රස්තවාදී සංවිධානවල ගුණ වයමින් එක් ජන කොටසක් කුපිත කිරීමටත් තවත් ජන කොටසක් නොමඟ යැවීමටත් ඇතැම් මහජන නියෝජිතයින් කටයුතු කරනු පසුගිය කාලයේ දක්නට ලැබුණු බවත් එවැනි ප‍්‍රකාශ ජර්මන් පාර්ලිමේන්තුවේ සිදු කළහොත් සිරදඬුවම් විඳීමට සිදුවන බවත් ඒ මහතා කීය.

මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා පෙරේදා (16) මේ බව පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස