තව මරාගෙන මැරෙන බෝම්බකාරයෝ නිදැල්ලේ ඉන්නවා! – අගමැති

April 24, 2019 at 9:58 am | by admin

පාස්කු දිනයේ ප්‍රහාරයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය සහිතව තවත් පිරිසක් තවමත් නිදැල්ලේ පසුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ අද (23දා) අරලියගහ මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් අමතමිනි.

කෙසේ වෙතත්, කොපමණ පිරිසක් මෙසේ නිදැල්ලේ පසුවන්නේ දැයි නොදන්නා බවද අගමැතිවරයා පවසා ඇත.

තව්හිද් ජමාද් ත්‍රස්තවාදීන් තවත් ප්‍රහාරයක් සඳහා සූදානම් වන බවට ඉන්දීය බුද්ධි අංශ ලංකා බලධාරීන්ට අනතුරු අඟවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස