තවත් 468කට කොරෝනා! මරණ 05යි! 378කට සුවයි!

November 13, 2020 at 11:23 pm | by emanisa.lk

අද (13) දින කොරෝනා ආසාදිතයින් 468ක් හමු වී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

මේ සමග මිනුවන්ගොඩ- පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 12,695ක් ලෙස දැක්වේ.

එසේ ම අද දින කොරෝනා මරණ 05ක් වාර්තා වූ අතර සමස්ත මරණ ප්‍රමාණය 53 දක්වා ඉහළ ගියේ ය.

ආසාදිතයන් 378 දෙනෙකු අද දින පූර්ණ සුවය ලද අතර මෙතෙක් සුවය ලද සම්පූර්ණ රෝගීන් ප්‍රමාණය 11 031කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස