ජාතික තවුහිඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි සංවිධාන තහනමට පියවර!

April 27, 2019 at 8:57 pm | by admin

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.

ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල සහ චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය
2019-04-27

(පසුගිය පාස්කු ඉරිදා කතෝලික පල්ලි සහ හොටෙල් කිහිපයකට එල්ල කළ ප්‍රහාරයට මෙම සංවිධාන දෙකම සම්බන්ධය.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස