ජාත්‍යන්තර ප්‍රජාවත් කියන්නේ 19 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා! අපි කරන්න ඕන ඒක තමයි! – අධිරාජ්‍ය විරෝධි වික්‍රමබාහු

March 16, 2019 at 12:40 pm | by admin

“දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ සමහර නායකයෝ කියනවා අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන්න බැරි නම් 13 වෙනි ව්‍යවස්ථාව තියෙන නිසා, ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ මේ යහපාලන ආණ්ඩුවෙන් විධායක ජනාධිපතිගේ බලතල අඩුකරන්න. ඒකත් පූර්ණව ක්‍රියාත්මක කරලා නෑ. ඒක හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ ජනාධිපතිට විතරක් නෙමෙයි ඕනම ජනාධිපති කෙනෙකුට ඕන ඕන විදියට නටන්න බෑ.”

“පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අමාරු නම් මේ කරුණු දෙක ඉෂ්ඨ කරන්න කියලා ඒ ජනතාව ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාත්‍යයන්තර වශයෙන් ඉන්න අපේ රටට බලපෑම් කරන, අය කියන්නේ මේවා කරන්න කියලා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා මේ ඒකාධිපති ව්‍යවස්ථාව අයින් කරන්න බැරි නම්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න කියලා.”

නව සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මේ බව පැවසුවේ 2019 මාර්තු මස 13 වෙනි දින ගාල්ල ක්‍රීඩා මණ්ඩප ශාලාවේදී පැවැති පිල්මාරුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය කොයිබටද ? මැයෙන් වු සම්මන්ත්‍රණය අමතමිනි.

කෙසේ වුවද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කර්තෘවරයකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න දැන් පවසන්නේ එය සංශෝධනය විය යුතු බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස