ජවිපෙ විරෝධතාවට ගිය දෙදෙනෙකුට කොවිඩ්….! එක් අයෙකුට භයානක ඩෙල්ටා ප්‍රභේදය….! පොලිස් කණ්ඩායම නිරෝධායනයට….!

July 10, 2021 at 1:59 pm | by emanisa.lk

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයකට සහභාගී වූ අයෙකුට කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බව වාර්තා වෙයි.

එම පුද්ගලයා නිරෝධායන නීති සහ උසාවි නියෝග කඩ කිරීම මත පොලිස් අත්අඩංගුවට පත්ව උසාවිය මගින් ඇප ලබා දීමෙන් පසුව දින 14ක් නිරෝධායනය සඳහා යොමු කොට තිබේ.

එහිදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති අඅතර පසුව එම ජෛව සාම්පල සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයට යොමු කරනු ලැබ තිබිණි.

එහි දී අනාවරණය වී ඇත්තේ එක් අයෙකුට වැළඳ ඇත්තේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති බී.1.1.7 ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවයි.

අනෙක් පුද්ගලයාට බී.1.617.2 හෙවත් ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇති බවත් ඔහු විරෝධතාවයේ සටන් පාඨ කියමින් ඉදිරි පෙළ සිටි අයෙක් නිසා මුව ආවරණය ද නිසි ලෙස පැළඳ සිට නොමැත.
මෙම අත්අඩංගුවට අදාල සියළුම පොලිස් නිළධාරීන්ද මේ වන විට නිරෝධායනය සඳහා යොමු කොට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස