ජනාධිපතිවරයාට රට හදන්න ඉඩදෙන්න ජනතාව සූදානම්…! – සමන් රත්නප්‍රිය..

October 26, 2022 at 10:31 pm | by emanisa.lk

වර්තමාන ජනාධිපතිවරයා සිදුකළ ආර්ථික ව්‍යසනයක් නැති අතර ඔහු හැමදාම කළේ ආර්ථිකය ගොඩගැනීම බව පුරවැසි සංවිධාන එකමුතුව විසින් අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

ඒ හැම මොහොතකම ජනතාව වැඩ වරද්දාගෙන වෙන අයට බලය දී හරිගැස්සු ආර්ථිකය විනාශකරගත් බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර රට ගිනිගන්නා මොහොතක මර්දනකාරී ව්‍යාපාරයකට එකඟවිය නොහැකි බවත් අරගල කරන මොහොතේ එයට සහය දෙනවා සේම දේශපාලන වෙනසක් සිදුවූ විට එයට ඉඩ දිය යුතු බව ද රත්නප්‍රිය ප්‍රකාශ කළේය.

මාස එකහමාරෙන් එකහමාරට නායකයන් පත්කරගන්නා තැනට ගොස් ඩස්බින්වලට පොරකන තත්ත්වයට රට පත්කිරීමට කැමති නැති බවත් ඔහු සඳහන් කරයි.

මේ මොහොතේදීත් ඇතැමුන් ජනතාවට එළියට බහින ලෙස පැවසුවද දැනටමත් රට ගොඩනැගීමට ජනතාව ජනාධිපතිවරයාට ඉඩ දී ඇති හෙයින් එම දේශපාලන කාඩරය හැර ජනතාව පාරට නොබසින බවත් හෙතෙම පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස