ජනාධිපතිවරණ සමයේ දිසාපතිවරු විශ්‍රාම යාම් සහ මාරු කිරීම් තහනම්! ගාල්ල, කළුතර, මාතලේ දිසාපති මාරු අවලංගුයි!

September 22, 2019 at 8:25 am | by emanisa.lk

ජනාධිපතිවරණ සමයේ විශ්‍රාම ලැබීමට සිටි දිසාපතිවරුන්ව විශ්‍රාම නොයවන ලෙසත් ස්ථාන මාරු ලබාදීමට නියමිත වූ දිසාපතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක නොකරන ලෙසත් මැතිවරණ කොමිසම රජයට දැනුම් දී තිබේ.

ඒ අනුව දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨම දිසාපතිවරයා වන කොළඹ දිසාපති සුනිල් කන්නංගර විශ්‍රාම ගැනීම කල් දමන බව දැනටමත් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

ඒ සමඟ ස්ථාන මාරු ලැබීමට නියමිත වූ මාතලේ කළුතර හා ගාල්ල දිසාපතිවරුන්ගේ ස්ථාන මාරුද අත්හිටුවා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරණය හෝ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරියා වන්නේ දිසාපතිවරයාය. දිසාපතිවරු පිරිසකට අභූත චෝදනා එල්ල කර ජනාධිපතිවරණයට පෙර ඔවුන් අමාත්‍යංශයට කැඳවා ආණ්ඩුවට හිතැති දිසාපති පිරිසක් පත් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක බවට පසුගිය සමයේ චෝදනා නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස