ජනාධිපතිවරණ තීන්දුව හරි අතට ගන්න ජනපතිට භාරයි! – ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව මෙන්න…

October 6, 2019 at 6:57 am | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ගතයුතු ස්ථාවරය තීන්දු කිරීමේ බලය ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ජනාධිපතිවරයාට ලබා දී තිබේ.

ඒ ඊයේ (05) රාත්‍රී පැවති ශ්‍රීලනිප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදීය.

ජනාධිපතිවරයා අද දවස ඇතුළත සිය තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉදිරි ජනාධිපතිවරණයේ දී එජාපයට සහාය නොදක්වන බවත් එජාපයට වාසිදායක කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ශ්‍රීලනිප නායකයෝ දැනටමත් ප්‍රකාශ කර අවසන්ය.

මේ අනුව එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීන්දු කරන ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස