ජනාධිපතිවරණයට සුදුස්සා රටම ඉල්ලන ගෝඨාභයයි! තරුණ ඡන්ද ආකර්ශනය ඇත්තේ ඔහුටයි! ජේම්ස් පැකර්ලා ජනපති කරන්න ජනාව සූදානම් නෑ! – රෝහිත රාජපක්ෂ (video)

June 25, 2019 at 5:00 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරයා ඍජු තීන්දුගත හැකි එම තීන්දු වෙනුවෙන් පෙනී සිටිය හැකි අයකු විය යුතු බවත් ඒ සඳහා තම පවුලේ අයකු ඉදිරිපත් වන්නේ නම් වඩාත් සුදුස්සා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පවසයි.

ඔහු මෙම අදහස් දක්වා තිබුණේ යූටියුබ් නාළිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඊළඟ ජනාධිපති ධුරය සඳහා වඩාත් සුදුසු චමල් රාජපක්ෂ ද ගෝඨාභය රාජපක්ෂ ද යනුවෙන් විමසූ අවස්ථාවේය.

චමල් රාජපක්ෂ ද ජනාධිපති ධුරයට සුදුසු වුවද මේ අවස්ථාවේ උවමනා වහා ඍජු තීන්දු ගත හැකි ඕනෑම අයකු සමග ඍජු ලෙස ගනුදෙනු කළ හැකි චරිතයක් බවත් ඒ සඳහා වඩාත් සුදුසු ගෝඨාභය රාජපක්ෂ බවත් හෙතෙම පවසයි.

මහින්ද රාජපක්ෂ සිය පක්ෂයෙන් නම් කරන ඕනෑම අපේක්ෂකයකුට ජයග්‍රහණය කළ හැකි යැයි අධිතක්සේරුවකට යාම සුදුසු නැති බවත් තරුණ ඡන්ද ආකර්ශනය කරගත හැකි සමාජ රැල්ලක් දැනටමත් නිර්මාණය වී ඇති ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කළ යුතු බවත් රෝහිත පවසයි.

රටට සුවිශාල සේවයක් කළ එම ප්‍රතිඵල අත්විඳ ඇති සමාජය විසින් ඉල්ලා සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට යෝජනා කළ යුතු බවත් ස්වාධීන අපේක්ෂකයන්ට කිසිදු අවස්ථාවක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවත් ඔහු පවසයි.

කැසිනෝ අරක්කු ඒකාධිකාරයක් මගින් මුදල් උපයා ගෙන ධනවතකු වීම මහා විස්කමක් නොවන බවත් ජේම්ස් පැකර්ට විදේශිකයන් වෙනුවෙන් කැසිනෝශාලා විවෘත කිරීමට ඉඩ නොදුන් රටක එවැනි ව්‍යාපාරිකයකු ජනාධිපති කිරීමට ජනතාව ඉඩ නොදෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස