ජනාධිපතිවරණයට එජාපයෙන් රනිල්! පොහොට්ටුවෙන් ගෝඨා!

August 4, 2019 at 9:04 pm | by emanisa.lk

අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ස්ථිරවම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව එම පක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ රැසකින් ගොඩනඟන එක්සත් ජාතික පෙරමුණින්ද හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රමුණ ඊට සහයෝගය පළ කරන පක්‍ෂ රැසකින් සමන්විත ශී‍්‍ර ලංකා පොදු ජන ඒකාබද්ධ පෙරමුණින්ද තරග කරන බව එම ආරංචි මාර්ග පැවසූහ.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ අලියා ලකුණ යටතේ ද ගෝඨාභය රාජපක්‍ෂ පොහොට්ටුව ලකුණ යටතේ ද තරග කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස